පළාත් සභා ඡන්දෙට අපි විරුද්ධයි! පළාත් සභාවට පණ දෙන්නේ හෙංචයියන්ට සැප දෙන්න! – ඇල්ලේ හිමි…

December 13, 2020 at 10:09 pm | by emanisa.lk

මේ රටේ බහුතර ජනතාවගේ මතය පළාත් සභා යනු සුදු අලියෙක් බව යැයි කොළඹ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

වසර තුනක් තිස්සේ පළාත් සභා අකර්මන්‍ය වී තිබුණ ද රටේ කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු වූ බව ද එහිමියන් පෙන්වා දෙති.

පසුගිය කාලය තිස්සේ උතුරේ මන්ත්‍රීවරුන් පවා පළාත් සභා වෙනුවෙන් හඬක් නොනැඟූ පසුබිමක මෙතරම් හදිසියේ පළාත් සභා ඡන්දයක් උවමනා කාටදැයි උන් වහන්සේ විමසා සිටිති.

එ සේ ම වර්තමානයේ මේ රටේ ජනතාව කොරෝනා වසංගතය නිසා බොහෝ ප්‍රශ්න මැද ජීවත් වන බව පෙන්වා දෙන ඇල්ලේ හිමියන් එවැනි පසුබිමක විශාල ධනස්කන්ධයක් වියදම් කර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ මන්දැයි ප්‍රශ්න කරති.

මෙම මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නේ රටේ ධනය නැති නාස්ති කර හෙංචයියන් පිරිසකට වරදාන ලබා දීම උදෙසා බවට ඇල්ලේ ගුණවංශ හිමි චෝදනා කළේ ය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මහා සංඝ රත්නය ලෙස තමන් වහන්සේ ලා විරුද්ධ බව ද එහිමියන් අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *