පළාත් සභා අරමුදල්වලින් 75%ක් යන්නේ මැති ඇමැති නඩත්තුවට! – මෛත්‍රී

January 1, 2021 at 1:40 pm | by emanisa.lk

පළාත් සභා සඳහා වෙන් කරන අරමුදල්වලින් මහජන සුභසාධනය සඳහා වැය කරන්නේ 25%ක මුදලක් පමණක් බව හිටපු ජනාධිපති මෛතීපාල සිරිසේන පවසයි.

ඉතිරි 75%ක මුදල වැය වන්නේ මැති ඇමැති පඩිනඩි, සේවක පඩිනඩි ඇතුළු නඩත්තු කටයුතු සඳහා බව ද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුව ද පළාත් සභා අහෝසි කිරීමට යාම ගින්දර සමඟ සෙල්ලම් කිරීමක් බව ද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

The Hindu පුවත්පත සමඟ සාකච්ඡාවකට එකතුවෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

 

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *