පළාත් සභාව කොරෝනා වසංගතයටත් වඩා භයානක වසංගතයක්…! ඡන්ද තියන්න සූදානම් වුණොත් ජනතාව එක්ක මහ පාරට බහිනවා….! – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි….

March 19, 2021 at 10:13 am | by emanisa.lk

පළාත් සභා මැතිවරණ පවත්වා පළාත් සභා ක්‍රමය සඳහා නැවත පණ දීම මහා විනාශයක් බව බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

පළාත් සභා ක්‍රමය ලංකාව වැනි කුඩා රටකට ඔරොත්තු නොදෙන බවත් එය ආරම්භ කළ අවස්ථාවේ ද තමන් වහන්සේලා ඊට විරුද්ධ වූ බවත් එහිමියෝ පෙන්වා දෙති.

පළාත් සභා වසංගතය කොරෝනා වසංගතයටත් වඩා භයානක වසංගතයක් බවට පත්වන බවට ද ආනන්ද හිමි අනතුරු අඟවයි.

එහෙයින් වර්තමාන ආණ්ඩුව බලයට පත්කරලීමට පෙරමුණ ගෙන කටයුතු කළ මහා සංඝරත්නය ජනතාව සමඟ එක්ව “පළාත් සභා අපට එපා!” යන පළාත් සභා විරෝධී සටන ඉදිරියට ම ගෙන යාමට කටයුතු කරන බවත් ආනන්ද හිමි අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *