පළාගිය ආසාදිතයාගෙන් සමාජයට කොරෝනා පැතිරීමේ අවධානමක් නෑ! ඔහු නැවත කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර රෝහල වෙත මාරු කර යැව්වා! – හමුදාපති

July 25, 2020 at 1:37 pm | by emanisa.lk

ඊයේ IDH රෝහලේ සිට පැන ගිය කොරෝනා රෝගියාගෙන් සමාජයට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවධානමක් නොමැති බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

මෙම පුද්ගලයා IDH රෝහලේ සිට කොළඹ කොටුව දක්වා පාගමනින් ගොස් ඇති බව මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි හමුදාපතිවරයා තවදුරටත් කියා සිටියේ.

මෙම රෝගී පුද්ගලයා කොළඹ කොටුව, කෙලින් විදියේ සිට ත්‍රිරෝද රථයකින් කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති බවත් එම ස්ථානයේ යොදවා සිටි යුධ හමුදා බුද්ධි නිලධාරින් මුලින්ම ඔහු හඳුනා ගෙන සෙසු පුද්ගලයින් ගෙන් වෙන් කොට තැබීමට අවශ්‍ය පියවර ගත් බවත් ඒ සඳහා රෝහල් සේවකයින්ගේ ද සහය හිමිවූ බවත් යුධ හමුදාපතිවරයා අනාවරණය කළේය.

මෙම රෝගී පුද්ගලයා රෝහලට රැගෙන ආ ත්‍රිරෝද රථ රියදුරු නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කළ ඇත.

පළා ගිය රෝගියා ගේ කොරෝනා වෛරස් තත්ත්වය එතරම් බරපතළ මට්ටමේ නොවන බව තහවුරු කර ගැනීමෙන් පසු සෞඛ්‍ය අංශ ඔහු යළි කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි රෝහල වෙත මාරුකර යැවීමට තීරණය කොට ඇති බව ද හමුදාපතිවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස