පළමුවත් දෙවනුවත් තෙවනුවත් මගේ ප්‍රමුඛතාව ආර්ථිකය නැංවීමයි.. ඡන්දේ ඊට පස්සේ…! – ජනපති රනිල්..

February 19, 2023 at 5:55 am | by emanisa.lk

පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් තමන් ප්‍රමුඛතාව ලබාදෙන්නේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

ඒ, ඊයේ (18) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවැති රොටරි සමාජයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත්වන දිස්ත්‍රික් අංක 3220 විසින් සංවිධානය කරන ලද 32 වන රොටරි දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

තමන් ගනු ලබන සියලු තීන්දුවල පදනම වන්නේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම බවයි ජනාධිපතිවරයා මෙහි දී කියාසිටියේ.

තමන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙකු බවත් කෙසේ වෙතත් රටකට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පළමුව මහජන සාමය  සහ ආර්ථික ස්ථාවරභාවය අවශ්‍ය බවත්, ඒ සඳහා නීතිය හා සාමය පවත්වා ගැනීම අවශ්‍ය බවත් නීතිය හා සාමය නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කළ නොහැකි බව හෙතෙම සඳහන කළේය.

කිසි ලෙසකින්වත් නීතිය හා සාමය බිඳවැටීමට ඉඩදිය නොහැකි බව කියා සිටි ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමෙන් පසු ඡන්දය භාවිත කර රට තුළ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කරගැනීමට අවශ්‍ය පසුබිම ලබන වසරේ දී ජනතාවට ලැබෙනු ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *