පහුගිය මාස 08ට ම ලංකාවට ත්‍රිවිල් එකක් ගෙනැත් නෑ! රටේ ආර්ථිකය බංකොලොත් වෙලා! – පාඨලී

December 10, 2020 at 8:37 pm | by emanisa.lk

ආර්ථික අර්බුදයක්, රාජ්‍ය මූල්‍ය අර්බූදයක් මෙන් ම ඒ හා ගැට ගැසුණු ජනතා අසහනයක් කරා රට ගමන් කරමින් තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ ය.

වැඩකරන ජනතාවගෙන් ලක්ෂ ගණනක් පිරිසකට රැකියා අහිමි වෙමින් තවත් පිරිසකට පඩි භාගයක් ලැබෙන බවත් තවත් පිරිසකගේ අතිකාල දීමනා කප්පාදුවට ලක් වෙමින් තිබෙන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

රටට විදේශ විනිමය උපයා දෙන සංචාරක, ඇඟලුම්, විදේශ රැකියා යන අංශ සම්පූර්ණයෙන් ම බිද වැටී තිබෙන බව ද පෙන්වා දෙන මන්ත්‍රීවරයා සුළු හා මධ්‍යම ව්‍යාපාරිකයන් බංකොලොත් වීම මත එම ආයතන වසා දැමීමට සිදු වී තිබෙන බැවින් එහි සේවය කළ පිරිස්වලට රැකියා අහිමි වී තිබෙන බව ද සඳහන් කරයි.

පසුගිය මාස 8ට මෙ රටට එක ත්‍රීවිලයක්වත් ගෙන්වා නොමැති බවත් මෝටර් රථ 28ක්, මෝටර් සයිකල් 277ක් පමණක් ගෙන්වා තිබෙන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා 2019ට සාපේක්ෂව එම ප්‍රතිශතය 3%ක් වන අතර මේ වන විට එම ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම බිදවැටී එම ව්‍යාපාර ද බංකොලොත් වී ඇති බව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස