අපි නොහිතපු වේගෙන් ආණ්ඩුව පිපිරිලා! ආච්චාරු⁣ ආණ්ඩුවේ ඇමරිකන් ගැත්තෝ පිරිලා! – පාඨලී

September 17, 2020 at 6:11 pm | by emanisa.lk

ආණ්ඩුව ඇතුළත පැවති ප්‍රතිවිරෝධතා මේ වන විට 20 වන සංශෝධනය මුල් කරගෙන පුපුරා ගොස් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක සඳහන් කරයි.

ආණ්ඩුව තුළ පැවති විරෝධතා කිනම් හෝ වෙලාවක පුපුරා යාමට නියමිත තිබුණද මෙතරම් ඉක්මනට පුපුරා යනු ඇතැයි තමන් ද විශ්වාස නොකළ බව ඔහු කියා සිටියේය.

ඉදිරියේදී ඇති වන ආර්ථික අර්බුද ඔස්සේ තව දුරටත් මෙය දේශපාලන අර්බුදයක් බවට පත්වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

වර්තමාන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම දේශපාලන අච්චාරුවක් බවත් වැඩිපුරම ඇමරිකානු හිතවාදීන් සිටින්නේ ද මෙම ආණ්ඩුවේ බවට හෙතෙම චෝදනා කළේය.

අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස