පරාක්‍රම සමුද්‍ර ඇවිදින මංතීරුව නවතී..! ලක්ෂ 340 ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයට…!

September 5, 2021 at 7:46 am | by emanisa.lk

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම මත ඉදිකිරීමට යෝජිත ඇවිදින මංතීරුවේ කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබේ.

ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ගොවි සංවිධාන මතු කළ විරෝධය හේතුවෙන් මෙම තීන්දුව ගත් බව පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අමරකීර්ති අතුකෝරළ සඳහන් කරයි.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය සඳහා වෙන් කළ රු. ලක්ෂ 340ක මුදල නැවත හරවා මහා භාණ්ඩාගාරයට යැවීමට කටයුතු කරන බව ද ද හෙතෙම ප්‍රකාශ කරයි.

නාගරික සංවර්ධන අධිකාරිය අනුමත කර අදාළ මංතීරුව සඳහා වෙන්කළ මෙම මුදල වෙනත් කාර්යක් සඳහා වෙන්කර ගැනීමේ හැකියාවක් නොමැති බව ද අමරකීර්ති අතුකෝරළ අවධාරණය කරයි.

වාරි මාර්ග දෙපාර්තමේන්තුව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද අනුමත කර තිබිය දී මෙම ව්‍යාපෘතිය මගින් වැව් බැම්මට කිසිදු හානියක් නොවන බව වැව භාර ඉංජිනේරුවරයා සහතික කර තිබිය දී මෙම විරෝධතාව මතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *