පන්සලේ විදුලි බිලට සහනයක්…! පන්සල් වහලට සූර්ය පැනල…!

September 29, 2022 at 7:55 pm | by emanisa.lk

ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් වහළය මත සවි කරන සූර්ය පැනල ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඊයේ (28) සවස විදුලිබල අමාත්‍යංශයේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ, පිරිවෙන් වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දෙමින් ඉන්දියානු ණය ක්‍රමය මගින් දැනට යෝජිත රජයේ ගොඩනැගිලි සූර්ය බලයෙන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවළට ආගමික කටයුතු අමාත්‍යංශයේ තෝරා ගැනීමට අනුව ආගමික සිද්ධස්ථාන ද ඇතුළත් කිරීමට එහි දී තීරණය කළ බව ය.

එමෙන් ම, එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කරන කර ඇති අතර විදුලි මිල සංශෝධනය කිරීමේදී පාදක වූ කරුණු සහ එය සිදු කරන ලද ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීම ද එම හමුවේදී සිදු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *