විදුලි සහන ව්‍යාපාරිකයින්ට නෙමෙයි පන්සලට දෙන්න..! – මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි…

September 19, 2022 at 7:38 pm | by emanisa.lk

විදුලි ගාස්තු සංශෝධනයෙන් පසුව තම විහාරස්ථානයේ විදුලි බිල පස් ගුණයකින් වැඩි වී ඇති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

අභයතිස්ස හිමි පවසන්නේ රු. 12,000 ක් ලෙස පැවැති බිල රු. 60,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වැඩි වූ බිල කිසිසේත්ම ගෙවිය නොහැකි බවත්ය.

ගෙවීමට හැකි වුවද කිසිසේත්ම වැඩි වූ ප්‍රමාණය නොගෙවන බවත්, මෙතෙක් මාසිකව ගෙවූ 12,000 මුදල පමණක් ගෙවන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

විදුලි ඒකක 180 ඉක්මවන විහාරස්ථානවල එක් ඒකකයක් සඳහා රුපියල් 65 ක් බැගින් අයකරන විට ඒකක 180 ඉක්මවන ව්‍යාපාරික ස්ථානවලින් එක් ඒකකයක් සඳහා අය කරන්නේ රුපියල් 32 ක් වැනි මුදලක් බව පෙන්වා දෙන මැදගොඩ අභයතිස්ස හිමි, ආගමික ස්ථානවලට නොමැති සහනයක් ව්‍යාපාරිකයන්ට ලබා දෙන්නේ කුමන පදනමක් මතදැයි ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *