ලක්ෂ 400ක බල්ලන් ආනයනයට කැබිනට් අනුමැතිය!

January 31, 2019 at 5:28 am | by admin

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ මත්ද්‍රව්‍ය සෝදිසි කිරීමට විශේෂ සුනඛයන් 20ක් විදේශයෙන් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

මේ සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මෙම එක් සුනඛයකු සඳහා රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් වැය කෙරෙන අතර සුනඛයන් ආනයනය කිරීම සඳහා රුපියල් හාර කෝටි හැට ලක්ෂයක පමණ මුදලක් වෙන් කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස