නොමඟ ගිය රංජන්ට සාධාරණයක් කරන්න..! අපහාස නඩුව ඉල්ලා අස්කරගත් මහින්දානන්ද ආණ්ඩුවට කියයි…! ජනපතිගෙන් කොළ එළි….!

March 31, 2021 at 5:43 pm | by emanisa.lk

සිර දඩුවම් විඳින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට සාධාරණයක් ඉටු කරන්නැයි ආණ්ඩු පක්ෂයට පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

රන්ජන් රාමනායක 2016 වසරේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් තමාට අපහාසයක් කළැයි නුගේගොඩ අධිකරණයේ පවරනු ලැබූ නඩුව අද (31) ඉල්ලා අස්කර ගැනීමෙන් පසු ඇමැතිවරයා අධිකරණ භූමියෙන් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ මේ බව සඳහන් කළේ ය.

වෙනත් පිරිසකගේ වුවමනාවන් ඉටු කිරීමට නොමඟ ගොස් රන්ජන් රාමනායක සිරගතව දුක් විඳින බවත් අද ඔහු වෙනුවෙන් පෙනී සිටීමට කිසිවකුත් නැති හෙයින් තමා එදා පැවරූ අපහාස නඩුව ඉල්ලා අස්කර ගැනීමට සිතූ බවත් මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේය.

රන්ජන් රාමනායකට එරෙහිව පැවරූ නඩුව ඉල්ලා අස්කර ගන්නට තීරණය කළ බව තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද දැනුම් දුන් බව කී ඇමැති අලුත්ගමගේ කිසිවකුගෙන් පළි ගැනීමට අවශ්‍ය නැති බව ජනාධිපතිවරයා එහි දී සඳහන් කළේ යැයිද කීය.

යහපාලන ආණ්ඩු සමයේ තමාට වැඩිපුරම පහර ගැසූ පුද්ගලයා වන රන්ජන් රාමනායකට සමාව දීමෙන් අදහස් කළේ දේශපාලන පළිගැනීම් නතර කරමු යන ආදර්ශය රටට ලබා දීමට යැයි ද මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස