නීතිවලින් විතරක් කොවිඩ් පාලනය කරන්න බෑ…! සංචරණ සීමාවලට ජනතා සහය අවශ්‍යයි….! – ජනපති…

May 24, 2021 at 11:50 pm | by emanisa.lk

සංචරණ සීමා පැනවීමෙන් අනතුරුව එම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

කොවිඩි මර්දන විශේෂ කමිටුව අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අතර ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

“25 වනදා අපි විවෘත කරනවා කියලා කිව්වේ අර අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගන්න විතරයි. පාටි දාන්න නෙමෙයි මේක තියෙන්නේ.

අද වුණත් මම එනකොට වාහන වැඩියි. මේ කියන්නේ ජනතාව මේ වගකීම භාර ගන්නේ නෑනේ. මං බලාගෙන ආවේ. හුඟාක් වාහනවල ඩොක්ටර්ස්ලා කියලා ගහගෙන යනවා. ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදිහක් නෑ නේ.

මොකක්ද ඩොක්ටර්ගෙ නම, කොහෙද වැඩ කරන්නේ කියලා බලන්න ඕනේ. මොකද බොරු අය ඒ සීල්එක ගහගෙන යනවා. ජනතාව මේක තේරුම් ගන්නේ නැතුව වැහුවට වැඩක් නෑ.

නීති දාලා විතරක් කරන්න බෑ. සාමාන්‍ය අඩු ආදායම් අයට කොහොමද අත්‍යවශ්‍ය බඩු මල්ලක් බෙදන්නේ කියන එක තමයි ප්‍රශ්නය වෙන්නේ. ඒක සම්බන්ධීකරණය කරගන්න ඕනේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස