උත්සව කාලේ බස්නාහිර ලොක්ඩවුන් කරන්න! නැත්නම් රට පුරා කොරෝනා පැතිරෙයි!

December 21, 2020 at 11:08 pm | by emanisa.lk

එළඹෙන ජනවාරි 01 වැනිදා දක්වා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

බස්නාහිර සිට සෙසු දිස්ත්‍රික්ක සඳහා සංචරණ සීමා පනවන ලෙස ද මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් මෙහිදී ඉල්ලා තිබේ.

කොළඹ නගර සභා ප්‍රදේශය කොරෝන වෛරසය ව්‍යාප්තවීමේ අධි අවදානම් සහිත බව ඔවුහු පෙන්වාදෙති.

නත්තල් දිනය සහ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ජනතාව සෙසු දිස්ත්‍රික්ක කරා යා හැකි බැවින්, වෛරසය තවදුරටත් පුළුල්ව ව්‍යාප්තවිය හැකි බවට ද ඔවුහු අනතුරු අඟවති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *