නීතියෙන් රිංගන්න වී ජාවාරමුන් අලුත් සෙල්ලමක…! කුඩා වී මෝලක් මිලට ගෙන වී මෝල් හිමියන් වෙයි…!

August 15, 2021 at 8:43 am | by emanisa.lk

මෙතෙක් වී ජාවාරමේ නිරත වූ අතරමැදි වී මිල දී ගන්නන් කුඩා වී මෝල් මිල දී ගෙන කුඩා වී මෝල් හිමියන් ලෙස ලියාපදිංචි වෙමින් ඇතැයි වාර්තා වෙයි.

ඒ මෙතෙක් අතරමැදියන් ලෙස සිදුකළ ජාවාරමට වැට බැඳීමත් සමඟ වී මෝල් හිමියන් ලෙස පෙනී සිටිමින් හාල් මිල ඉහළ නංවා සුපුරුදු ජාවාරම ක්‍රියාත්මක කිරීමටය.

මේ අනුව අම්පාර, මඩකලපුව, පොළොන්නරුව ආදී දිස්ත්‍රික්කවල මෙලෙස පසුගිය දිනවල අතරමැදියන් රු. ලක්ෂ 15ක් වටිනා කුඩා වී මොල් මිලට ගෙන කුඩා වී මෝල් රාශියක් ලියාපදිංචි කර තිබේ.

මෙම ජාවාරමේ නියුතු අතරමැදි වෙළෙඳුන් හඳුනාගෙන ඔවුන්ගේ කුඩා හාල් මෝල් ජාවාරම නැවැත්වීම පිණිස ඒවායේ ලියාපදිංචිය අහෝසි කෙරෙන නීති පැනවීමට වෙළෙඳ අමාත්‍යවරයා අදාළ බලධරයන්ට උපදෙස් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *