“NGOකාරයින්ට ඕන විදිහට නඩු අහන්න බෑ.” කීම වැරදියි! – මහර නඩුවේ නීතීඥ පිරිසගෙන් අගවිනිසුරුට පැමිණිල්ලක්…

December 17, 2020 at 9:58 pm | by emanisa.lk

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධ නඩුවේ විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ පිරිස අගවිනිසුරු, නීතිපති සහ නීතීඥ සංගම් සභාපතිවරයාට ලිපියක් යවා තිබේ.

එමගින් පෙන්වා දී ඇත්තේ එම නඩුවට රජය වෙනුවෙන් පෙනී සිටි නීෂාරා ජයරත්න තමන්ට NGOකාරයන් යනුවෙන් අපහාස වන ආකාරයට අධිකරණයේ හැසිරුණු බව ය.

“NGOකාරයින්ට ඕන විදිහට නඩු අහන්න බෑ.” යනුවෙන් ප්‍රකාශ කරමින් තමන්ගේ වෘත්තීයභාවය හෑල්ලුවට ලක්කළ බවත් ඉදිරියේ දී එවැනි දෑ සිදුනොවන තැනට වගබලා ගන්නා ලෙසත් එමගින් ඉල්ලා තිබේ.

මෙම සිදුවීම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම නිසා තමන් බලවත් අපහසුතාවට පත්ව ඇති බව ද එමගින් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *