පාසල් ළමුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් සඳහා වව්චර්පත් වෙනුවට පෙර පරිදිම රෙදි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.
ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමේදීයි.
අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ලබන වසරේ දී ද පාසල් ළමුන්ට නිල ඇඳුම් වෙනුවට වව්චර් පත් ලබාදීමට එහි දී යෝජනා කළ ද නිල ඇඳුම් ලබාදීමට තීරණය වූ බවය.
වව්චර් පත් නිසා රජය පාසල් නිල ඇඳුම් සඳහා දැරිය යුතු වියදම වැඩි වූ බවට චෝදනා කෙරෙයි. එය රු. දශලක්ෂ 450ක පාඩුවකි.