නැවත ත්‍රස්තවාදය ඇති නොවෙන්න නම් බලය බෙදන්න ඕන! – සජිත්

July 8, 2020 at 11:24 pm | by emanisa.lk

නැවත වතාවක් මේ රටේ ත්‍රස්තවාදයක් ඇති නොවීමට නම් පළාත් සභා තවත් ශක්තිමත් කර පවත්වා ගෙන යා යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එය තමා එදත් අදත් ප්‍රකාශ කරන බව ඔහු අවධාරණය කරයි.

සිංහල බෞද්ධකමට මුල් තැන දෙන අතර ඒකීය ශ්‍රී ලංකාවක් තුළ පළාත් සභා ක්‍රමය රැකගත යුතු බව සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

කෙසේ වුවද පළාත් සභා සඳහා පොලිස් සහ ඉඩම් බලතල ලබා දී ඒවා ශක්තිමත් කළහොත් ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් වීම වැළැක්විය නොහැකි බවත් කිසිදු ජනාධිපතිවරයකු මෙතෙක් එම බලතල පළාත් සභාවට ලබා නොදුන්නේ ඒ නිසා බවත් විද්වතුන් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස