නායකත්වයට නිදිකුම්බා ගේන්නේ ශ්‍රීලනිපය රනිල්ගේ ඔඩොක්කුවේ තියන්න…! – දයාසිරි..

April 18, 2024 at 3:58 pm | by emanisa.lk

මේ වන විට ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇතැයි එම පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

මහ ලේකම්වරයා පවසන්නේ, චන්ද්‍රිකා බණ්ඩාරනායක වැනි සිය පක්ෂයට නායකත්වය ලබා දුන් අයෙකු ශ්‍රීලනිපය මරා දමන මෙම කුමන්ත්‍රණයට නායකත්වය ලබා දීම පිළිබඳ කනගාටු වන බවයි.

මෛත්‍රීපාල සිරිසේනගේ පක්ෂ සභාපතිත්වය තහනම් කළ නඩුවෙහි තෙවන වග උත්තරකරුට හොර දේශපාලන බල මණ්ඩලයක් කැඳවා පක්ෂ නායකත්වය ලබා දී ඇතැයි ද දයාසිරි ජයසේකර සඳහන් කරයි.

තමන්ට ඇති ප්‍රශ්නය පක්ෂයේ නායකත්වය හොඳ නැතැයි පවසා නිඳිකුම්බා නායකයෙකු පත්කර පක්ෂය රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවෙහි තැබීම බව ද හිටපු ශ්‍රීලනිප මහ ලේකම්වරයා වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *