දයාසිරිට බතික් ඇමැතිකම දුන්නේ ශ්‍රීලනිපය…! ඒකට බැසිල් හරි පොහොට්ටුව හරි පළි නෑ….! – ජොන්ස්ටන්…

July 5, 2021 at 3:26 pm | by emanisa.lk

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකරට බතික් ඇමතිකම ලැබීම ඔවුන්ගේ පක්ෂයේ තීරණයක් බවත් ඒ සඳහා පොදුජන පෙරමුණේ හෝ බැසිල් රාජපක්ෂගේ වගකීමක් නොමැති බවත් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් ඇමති තනතුරු දෙකක් ලබා දී තිබෙන බැවින්, දයාසිරි ජයසේකරට අවශ්‍ය නම්, මහින්ද අමරවීර ඇමතිවරයාගේ හෝ නිමල් සිරිපාල ඇමතිරවයාගේ කැබිනට් ඇමති තනතුර ලබාගත හැකි බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් පවසයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව සඳහන් කළේ බතික් ඇමතිකම තමාට ලබා දුන්නේ බැසිල් රාජපක්ෂ සහ පී.බී. ජයසුන්දර විසින් බවට දයාසිරි ජයසේකර පසුගිය දා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *