නව රජයේ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය! උදයට සහ රමේෂ්ට සම කැබිනට් ප්‍රකාශක ධුර!

August 19, 2020 at 2:28 pm | by emanisa.lk

නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පත්කොට තිබේ. අද රැස්වූ කැබිනට් මණ්ඩලයේදී එම පත් කිරිම සිදුකොට ඇත.

සම ප්‍රකාශකවරු ලෙස බලශක්ති ඇමති උදය ගම්මන්පිල හා වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ යන පත්කර ඇති බව වාර්තාවේ.

අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති පළමු කැබිනට් රැස්වීමේදී මෙම පත්කිරීම් සිදුකර ඇත.

මෙයට පෙර එම ධුරයේ කටයුතු කළ බන්දුල ගුණවර්ධන නැවත එම ධුරය භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස