නව කතානායක මහින්ද යාපා! සභානායන දිනේෂ්! ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන්!

August 20, 2020 at 10:30 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්ද යාපා අබේවර්ධන තෝරාපත් කර ගනු ලැබිණි.

ඔහුගේ නම ⁣ඇමති දිනේෂ් ගුණවර්ධන යෝජනා කළ අතර සමගි ජනබලවේගයේ ප්‍රධාන සංවිධායක රංජිත් මද්දුමබණ්ඩාර ස්ථිර කළේය.

නව පාර්ලිමේන්තුවෙි සභානායක ලෙස ඇමති දිනේෂ් ගුණවර්ධන ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු ද තෝරා පත් කර ගැනිණි.

ඒ අද (20) උදෑසන 9.30ට න්‍යාය පත‍්‍රානුකූලව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම ආරම්භ කිරීමෙන් අනතුරුවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස