නව ඇමති ධුර දෙකක්! බස්නාහිර රාජ්‍ය ඇමතිට කැබිනට් වරම්!

November 1, 2020 at 8:15 am | by emanisa.lk

ඉදිරි සති කිහිපය තුළ නව කැබිනට් අමාත්‍යවරයකු සහ රාජ්‍ය අමාත්‍යවරයකු පත් කිරීමට ඉඩ ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයට කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනෙක් පත්කළ හැකි වුවත් දැනට පත්කර ඇත්තේ අමාත්‍යවරුන් 27 දෙනෙක් පමණි. පුරප්පාඩු තුනක් සඳහා තවත් තිදෙනකු පත්කළ හැකි ය.

අප වෙත ලැබෙන තොරතුරු අනුව නව කැබිනට් අමාත්‍ය පදවිය හිමිවීමට ඉඩ ඇත්තේ දැනට රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරන බස්නාහිර පළාතේ දේශපාලනඥයකුට ය.

ඒ අතර නව රාජ්‍ය අමාත්‍ය පදවිය සඳහා සුදුස්සකු තෝරා ගැනීම දැනට සිදුකෙරෙමින් පවත්නා බව ද සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස