අපායට ගියත් ආයේ රනිල්ලා එක්ක නම් යන්නේ නෑ! – ෆොන්සේකා

July 18, 2020 at 10:12 pm | by emanisa.lk

අපායට ගියත් රනිල් වික්‍රමසිංහලා සමග එකතු නොවන බව හිටපු ඇමති සමගි ජනබලවේගයේ අපේක්ෂක සරත් ෆොන්සේකා පවසයි.

පසුගිය අවුරුදු හතරහමාර අනාගෙන ඇනගෙන සියල්ල අවුල් කරගත්තේ ඔවුන් සමග සිටි නිසා බව ඔහු සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහලා, රවී කරුණානායකලා, බැඳුම්කර හොරු, ඇවන්ගාර්ඩ් හොරු සමග නැවත තමන්ට ගමනක් නැතැයි සරත් ෆොන්සේකා අවධාරණය කරයි.

2015 මැතිවරණයෙන් කොළඹින් ඡන්ද 5000ක් පමණක් ලබාගෙන පරාජයට පත් වූ සරත් ෆොන්සේකා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර කැබිනට් ඇමති ධුරයක් ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස