නුවරඑළිය ග්‍රෙගරි වැව අසල පවත්වාගෙන ගිය අවන්හල ඉවත් කරගැනීම සඳහා පැය 48ක කාලයක් ලබා දුන්නත් මෙතෙක් ඉවත් කරගෙන නොමැති බව වාර්තා වෙයි.
ඉකුත් 21 දින නාගරික සංවර්ධන අධිකාරියේ ගොඩනැගිලි අංශයේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් නිලධාරීන් විශාල පිරිසකගේ ආරක්ෂාව මැද පැමිණ නාගරික සංවර්ධන අධිකාරියේ ගොඩනැගිලි අංශයේ සේවකයන් පිරිසක් ලවා අවන්හල ගලවා ඉවත් කිරීමට යාමේදී එම ස්ථානයට පැමිණි එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය.
ඉන්පසු පැය 48ක් ඇතුළත ඉදිකිරීම් ඉවත් කර ගැනීමට එකඟවී ඇතත් ඊයේ (24) සවස් වන තෙක් ඉවත්කරගෙන නොතිබුණි.