පසුගියදා නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච්හි මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ශ්‍රී ලංකාවට පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල වූයේ යැයි රාජ්‍ය ආරක්ෂක ලේකම් රුවන් විජේවර්ධන කරන ප්‍රකාශය අසත්‍ය බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩන් පවසයි. මෙම ප්‍රහාර දෙක අතර සබඳතාවක් පිළිබඳ මෙතෙක් කිසිදු බුද්ධි තොරතුරක් තමන් වෙත ලැබී නොමැති බව ඇය පවසයි.