ධම්මික ගැන කියන්නේ අනුරගේ කට උල්වෙන්නෑ…!

October 20, 2023 at 9:33 am | by emanisa.lk

ධම්මික පෙරේරාගේ බදු වංචා සහ කසල ආනයනය ගැන කතා කිරීමට අනුර දිසානායකගේ කට උල් නොවන බව විල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්තිරිගේ පවසයි.

රටේ සියලු දෙනාට හොරු වංචාකාරයෝ යැයි පහර දෙන ජනතා විමුක්ති පෙරමුණ ධම්මික පෙරේරා, ටිරාන් අලස් හෝ මලික් සමරවික්‍රමට කිසිදු අවස්ථාවක පහර නොදෙන බවත් ජවිපෙ අරමුදල් සම්පාදකයින් වන්නේ මෙම ජාවාරම්කාර ව්‍යාපාරිකයින් බවත් ඔහු පෙන්වා දෙයි.

ජනතා විමුක්ති පෙරමුණු පැලවත්ත මූලස්ථානයේ ටයිල් පවා ලබා දුන්නේ ධම්මික පෙරේරා බවයි, හෙතෙම අනාවරණය කළේ.

මෙතෙක් දූෂිත දේශපාලනඥයින් සහ සුදුකරපටිකාර රාජ්‍ය නිලධාරී අපරාධාරයින් පිටුපස සිටි ජාවාරම්කාර ව්‍යාපාරිකයින් ඉදිරි ජනාධිපතිවරණයට තනිවම සටනට බැසීමට සූදානම් වන බව ද දර්ශන තන්තිරිගේ පෙන්වා දෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *