අද දින කොවිඩ් ආසාදිතයින් 3591ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
එය මෙතෙක් මෙරටින් වාර්තා වු වැඩි ම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන වේ.
මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 151,311 දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,222ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 122,367ක් විය.