දේශීය පොල්තෙල්වල පිළිකාකාරක නෑ…! පර්යේෂණවලින් තහවුරුයි…!

April 5, 2021 at 8:26 am | by emanisa.lk

මෙරට ආයතන 07ක් විසින් නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් නැමති පිළිකාකාරකය අඩංගු නොමැති බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

ඒ අනුව එම පොල්තෙල් පරිභෝජනයට සුදුසු බවට වන තරු 05 ලාංඡනය ද ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත. මෙම සහතිකය ලබා දී ඇත්තේ අදාළ ආයතනවල නිෂ්පාදිත පොල්තෙල් සම්බන්ධයෙන් වසර 03ක් පුරා සිදුකර දීර්ඝ අධ්‍යයනකින් පසුවය.

එම එක් තරුවකින් අදාළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් නොමැති බව සංකේතවත් වෙයි. මෙම සහතිකය ලබා දෙන්නේ පොල් සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ පාරිභෝගක අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබා දෙන නිර්දේශ මතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස