දේශපාලන උවමනා නිසා කොරෝනා සංඛ්‍යාලේඛන විවේචනය වැරදියි! එය කොරෝනා මර්දනයට විශාල බාධාවක්! – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

May 6, 2020 at 11:35 am | by emanisa.lk

දේශපාලන වුවමනාවන් මත කොරෝනා වෛරසයට අදාළ සංඛ්‍යා ලේඛන පිළිබඳ කරුණු දැක්වීමෙන් වැළකී සිටින්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටියි.

කොරෝනා පාලන වැඩපිළිබඳ ක්‍රියාත්මක වන්නේ මහජන සෞඛ්‍ය වැඩපිළිවෙළක් මත පදනම්වය.

එහිදී රෝගීන් සංඛ්‍යාව වසන් කරන බවට දේශපාලනඥයන් චෝදනා කිරීම එම වැඩසටහනට එල්ල කරන අතුල් පහරක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

වෛද්‍ය වෘත්තිකයන්​ සහ සෞඛ්‍ය සේවකයන් කොවිඩ් පාලන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ විද්‍යාත්මක පදනමකිනි. ඊට හානිවන ලෙස දේශපාලනඥයන් කරන ප්‍රකාශ හේතුවෙන් ජනතාව බියට පත්වීමට ඉඩ තිබේ.

එය මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට බාධාවක් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ අනුපාතය සියයට එකක් පමණ වන බවත් සංවර්ධිත රටවල එම තත්ත්වය සියයට 13ක් පමණ වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස