ඉතාලියේ කොරියාවේ අයට එන්න දුන් එක වැරදියි! ලංකාවට කොරෝනා වසංගතේ ආවේ නෑ! ආණ්ඩුව ආරාධනා කරලා ගෙන්න ගත්තා! – රාජිත

April 12, 2020 at 10:44 am | by emanisa.lk

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවට පැමිණියා නොව ආණ්ඩුව විසින් ආරාධනා කර ගෙන්වාගත් ගත් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

මෙරට ගුවන්තොටුපොළ වසා දැමීම කළ යුතුව තිබූ මොහොතේ එය සිදු නොකර සිටීම මෙම තත්ත්වයට හේතු වූ බව ද හෙතෙම පෙන්වා දෙයි.

අවම වශයෙන් කොරෝනා පැතිරුණු රටවලින් කිසිවකුට රටට පිවිසීමට ඉඩ නොදුන්නේ නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බව හිටපු ඇමතිවරයා සඳහන් කරයි.

අද රටම දුක්විඳින්නේ ආණ්ඩුව විසින් ගත යුතු තීන්දුව නියම අවස්ථාවේ නොගත් නිසා යැයි ද හිටපු ඇමතිවරයා .වැඩි දුරටත් කියා සිටියේය.

සති අන්ත පුවත්පතක් වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *