දෙදෙනෙකු ගැන නොව කෝටි දෙකක් ජනතාව ගැන හිතන්න….! – සජිත්….

July 13, 2022 at 3:25 pm | by emanisa.lk

දෙදෙනකු ආරක්ෂා කරනවා වෙනුවට දෙකෝටියක් ජනතාව ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ කැපවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

කොළඹ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අද(30) හෙතෙම මේ බව පැවසීය.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත ජනතාව විසින් සිදු කරනු ලැබූ සාමකාමී අරගලයට එරෙහිව ආණ්ඩුව දුර්දාන්ත ලෙස මර්දනය ආරම්භ කොට ඇතැයිද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ මොහොතේ වගකීමෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවත්
එකකට එකක් පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් සන්නද්ධ ආරක්ෂක අංශ ලවා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කොට ජනතාව මර්දනය කිරීම සඳහා ආණ්ඩුව කැස කවමින් සිටින බවත් විපක්ෂ නායකවරයා එහි දී කීවේය.

මේ මොහොතේත් සන්සුන්ව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් කටයුතු කරන්න යැයි ජනතාවගෙන්ද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *