පොලිසිය ඕනෑම අපරාධයක් අප මත පටවන්න පුරුදු වෙලා! කොකුවිල් දුම්රිය ස්ථානාධිපතිට පහර දීමට අප සම්බන්ධ නෑ! – ආවා කණ්ඩායම

June 18, 2019 at 8:13 am | by emanisa.lk

තම අනන්‍යතාව හෙළිකර ගැනීමේ හැකියාවක් නොමැති හෙයින් ඇරයුම පිළිගනිමින් සාකච්ඡාවකට පැමිණිය නොහැකි බවට ආවා කල්ලිය උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

ආවා කල්ලිය මහ ජනතාවගේ සහ සංස්කෘතියේ ආරක්ෂාව තකා සංවිධානය වූවක් බවත් පොලිසිය හා මාධ්‍ය එක්ව තම කල්ලිය ගැන වැරදි අර්ථ කථනයක් සමාජගත කර තිබෙන බවත් මේ හේතුව මත සිය අනන්‍යතාව හෙළිකිරීමට නොහැකි බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

රජයේ නිලධාරීන්ගේ වංචා දූෂණවලට එරෙහිවත් කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩ ක්‍රියාවන්ට එරෙහිවත් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිවත් නැගී සිටින බවටද එම ලිපියේ සදහන් කර ඇත.

ආවා කල්ලියේ නමින් පසුගිය 17 වනදා නිර්නාමිකව මෙම ලිපිය යොමුකර ඇති අතර යාපනේ අපරාධ සිදුකරන ඇතැම් කණ්ඩායම් හඳුනා ගැනීමට නොහැකි පොලිසිය සියල්ල තම කණ්ඩායම මත පටවා අත සෝදාගන්නා බවත් කොකුවිල් දුම්රිය ස්ථානාධිපතිවරයාට පහර දීමට තම කණ්ඩායමේ කිසිවකු සම්බන්ධ නොමැති බවත් එහි අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *