දිළුම්ට ප්‍රජා පොලිස් ඇමැතිකම දුන්නේ ජනාධිපති හිට්ලර් වගේ වෙන්න ඕන කී නිසයි…! – මුරුත්තෙට්ටුවේ හිමි…

May 4, 2021 at 10:25 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන් 69 ලක්ෂයක් ජනතාව බලාපොරොත්තුවෙන් සිටින්නේ ඒ මහතා හිට්ලර් කෙනෙකු වනු ඇති බව යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ දිළුම් අමුණුගමට ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය ධූරය ලබා දී ඇති බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

“මං හිතනවා ඉතිං සාමාන්‍යයෙන් ඉතිං ඒවගේ කෙනෙකුට ගැළපෙන තැනක් වෙන්න ඇති. නැත්තං හිට්ලර් කියන වචනෙ දැක්කාම .. පොලිසිය හමුදාව කරන්නෙත් ඒවගේ කාර්යභාරයක් නෙ. ඒ වචනෙ තවත් තහවුරු වෙනවා එතනින්.

අපි ගෝඨාභය ජනාධිපතිතුමාව පත් කළේ හිට්ලර් කෙනෙක් වෙන්න නෙවෙයිනෙ. තිබුණු හිට්ලර්වාදය තුරන් කරලා සාමකාමී මහජන නි‍යොජිතයෙක් බවට පත් කරන්නනෙ අපි. ඉතිං කවුරු හරි කියනවා නම් මෙයා හිට්ලර් කෙනෙක් වියයුතුයි කියලා, ඒ කිව්ව පලියට එයාට තවත් තනතුරු දෙනවා නම් ඒක ඉතිං වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමිද මේ අමාරුව කියන්න තමා තියෙන්නෙ.”

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ දිළුම් අමුණුගමට ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍යාංශය ලබාදීම ගැන මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට ඊයේ (03) පිළිතුරු ලබාදෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *