ජනතාව ගෝඨාගෙන් ඉල්ලුවේ ඒකාධිපති පාලනයක්…! ජනාධිපතිතුමා එහෙම නොවූ නිසා දොස් අහන්න වෙලා…!

April 13, 2021 at 7:46 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂට ජන්දය දුන් 69 ලක්ෂය බලාපොරොත්තු වූයේ යම් ආකාරයක හිට්ලර් පාලනයක් බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසයි.

අමුණුගම මහතා මේ බව සඳහන් කළේ මහනුවර පැවැති මාධ්‍ය හමුවකදීය.

”ආණ්ඩුවට ජනතාව චෝදනා කරනවා නම් කරන්නේ ජනතාව බලාපොරොත්තු වුණා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා වුණහම යම් මටටමක ඒකාධිපති පාලනයක් ගෙන යයි කියල.

ගරුතර මහා සංඝරත්නය කිව්වා ඒ කාලේ හිට්ලර් කෙනෙක් වුණත් කමක් නැහැ එහෙම වුණොත් හොඳයි කියල. නමුත් මේ හිට්ලර් කෙනෙක් නොවීම තමයි මේ දෝෂාරෝපණවලට හේතුවෙලා තියෙන්නේ. ඒක මම වුණත් පිළිගන්නවා. මොකද එතුමාට ජන්දය දීපු 69 බලාපොරොත්තු වෙනවා එතුමා යම් විදිහක හිටලර් කෙනෙක් විදිහට ක්‍රියාත්මක විය යුතුයි කියල.

එහෙම නොවුණහම එතුමාට දොස් කියනවා. එතුමාගේ කැමැත්තක් තියෙනවා කියල මම හිතන්නේ නැහැ එක සැරේ හිට්ලර් කෙනෙක් වෙන්න. සමහරක් අංශ ක්‍රියාත්මක වෙන විදිහ අනුව එතුමා හිට්ලර් කෙනෙක් දක්වා තල්ලු කෙරුවොත් එතුමා හිට්ලර් කෙනෙක් වෙයි. එතකොට කවුරුත් දොස් කියන්නේ නැති වෙයි. කටයුතු හොඳින් ක්‍රියාත්මක වෙයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *