දියතලාව නරියාකන්ද, “ෆොක්ස්හිල්” මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අතරතුර මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතටපැනීමෙන් සිදුවූ අනතුරකින් තරඟය නරඹමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු මරුමුවට පත්විය.
එම මෝටර් රථ තරඟය අද (21) පැවති අතර අනතුරින් තවත් 21 දෙනකු පමණ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව දියතලාව පොලීසිය පවසයි.
එක් මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එය නැරඹීමට ඉදිරියට පැමිණි පිරිසක් පසු පසින් ධාවනය වූ තවත් මෝටර් රථයක හැපී මෙම අනතුර සිදු වූ බවට තොරතුරු අනාවරණය වූ බව ද පොලිසිය සඳහන් කරයි.