දිඹුලාගල ආරණ්‍යයේ විදුලිය කපයි..! මහ වන මැද පන්සල අඳුරේ…!

August 25, 2023 at 8:32 am | by emanisa.lk

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය දෙවන වරටත් ඊයේ (24) විසන්ධි කර තිබේ. මේ නිසා එහි වැඩවාසය කරන දෙසීයකට ආසන්න භික්ෂූන් වහන්සේලා දැඩි අසීරුතාවට පත්ව ඇති බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර හිමි පවසයි.

1954 අවධියේ සිට දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සඳහා නොමිලේ විදුලිය ලබා දී තිබේ. රුපියල් ලක්ෂ 57 කට ආසන්න විදුලි බිල ගෙවීම සඳහා මෙම ආරණ්‍ය සේනාසනයට ආධාර පරිත්‍යාග නොලැබෙන බවත් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට නොමිලේ විදුලිය ලබා දෙන ලෙස ද උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් මෙන්ම විදුලි බල අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළහ.

විදුලි ගාස්තු වැඩිවීමට පෙර දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට මාසික විදුලි බිල ලක්ෂයක පමණ මුදලක්, පැමිණියද විදුලි ගාස්තු වැඩිමත් සමග මාසිකව රුපියල් ලක්ෂ හතර හමාරක, පහක විදුලි බිලක් ලැබීම දරා ගැනීමට නොහැකි බවත් එම බිල මාසිකව ආරණ්‍ය සේනාසනයට නොලැබෙන බවද රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *