දිනේෂ් අගමැතිකමින් නෙරපයි..! නව අගමැති පත්වන දවස මෙන්න…!

September 7, 2022 at 10:55 am | by emanisa.lk

2023 අයවැය ඉදිරිපත් කිරීමට පෙර නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීමට සූදානම් බවට ආණ්ඩු පක්ෂයේ ම ඇතැම් තොරතුරු හා ආරාධනාවලින් පවසන බව හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන හෙළි කරයි.

ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී හිටපු රාජ්‍ය ඇමැතිවරයා මේ බව අනාවරණය කළේ ය.

නව අගමැතිවරයෙකු පත් කර ගැනීම සඳහා තම පාර්ශ්වයෙන් ද සහයෝගය ඉල්ලන බව මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ නමුත්, තමාගේ පාර්ලිමේන්තුවේ වසර 2ක කාලය තුළ අග්‍රාමාත්‍යවරුන් තිදෙනෙකු පත්ව ඇති අතර සිවුවැනියෙකු දැකීමට තමා අපේක්ෂා නොකරන බව ද මන්ත්‍රීවරයා කීය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කතා යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ දරන්නේ නම්, එය නිවැරදි කළ නොහැකි වරදක් බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *