දිනකට පී. සී. ආර්. සඳහා පමණක් රු. ලක්ෂ 720ක් වැය කරනවා…! – සුදර්ශනී…

June 24, 2021 at 11:21 am | by emanisa.lk

මේ වන විට කොවිඩ් පරීක්ෂණ කටයුතු සඳහා රට පුරා පරීක්ෂණාගාර 35කට වඩා ස්ථාපිත කර අවසන් බව විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

“ගෝලීයව පවතින ගැටලූ අපේ රටට දැනෙනවා. මේ අර්බුද පටන්ගත්තේ 2019 සිටයි. මරණ සියයට 55 කින් වැඩිවෙන නිසා ඇඳන් සහ පහසුකම් වැඩි කරන්න කටයුතු කළා. පී. සී. ආර්. ප‍්‍රමාණය වැඩි කරන්න කටයුතු කළා. පරීක්ෂණාගාර 35 කට වැඩි ප‍්‍රමාණය පරීක්ෂණ කරනවා. දවසකට මිලියන 72 ක් පී. සී. ආර්. කරන්න වැය කරනවා.

මෙම වෛරසය කවදා නවතීද කියන්න බැහැ. මේ සඳහා කරන වැය කිරීම් දිගටම කරන්න සිදුවෙනවා. වැඩිපුර ඔක්සිජන් අවශ්‍ය නිසා රෝහල් පහසුකම් වැඩි කරන්න වෙනවා. මේ සඳහා මුදල් අවශ්‍යයි. අත්‍යවශ්‍ය ඖෂධවලට ප‍්‍රතිපාදන වෙන් කර තියෙනවා. එන්නත්කරණයට අද අපි ප‍්‍රමුඛතාව ලබාදි තිබෙනවා.

රටේ ජනගහනයෙන් සියයට 70 කටවත් එන්නත් ලබාදිය යුතුයි. එන්නත් ගබඩා කරන්න අවශ්‍යයි. ෆයිසර් එන්නතට ඝෘණ 70ට ගබඩා හැදිය යුතුයි. ඊට ප‍්‍රතිපාදන වෙන්කරනවා. වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ වනවිට කරන කැපවීම විශිෂ්ටයි. ධානපතීන් දේශීය විදේශීය සියලු දෙනා උපකරණ හා පහසුකම් ලබාදී තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *