දැන් ඉන්නේ අරගලකරුවන් නෙමෙයි අරාජිකකරුවන්….! මහජන පීඩනය දඩමීමා කරගෙන රාජ්‍ය බිඳ දමන්න දෙන්න බෑ…! – විමල්….

July 27, 2022 at 3:44 pm | by emanisa.lk

දැන් ඉන්නේ අරගලකරුවන් නොව අරාජිකකරුවන් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

මෙහි තිබෙන්නේ රාජ්‍ය බිඳ වැට්ටවීමෙි කුමන්ත්‍රණයක් යැයිද ඊට ඉඩ දෙන්න බැරි බව ද කී විමල් වීරවංශ, තමාට රනිල්ගෙන් ඇමතිකම් අවශ්‍ය නැති නමුත් “මට මගේ රාජ්‍ය ඕනෑ” යැයි ප්‍රකාශ කළේය.

ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සාධාරණ ආවේගයට ගරහන්නේ නැති නැති නමුත් රාජ්‍ය බිඳ වැට්‍ටවීම සඳහා මහජන පීඩනය අවභාවිත කරමින් සිටින බවට ද විමල් වීරවංශ චෝදනා කළේය.

එන එන මිනිහා ගෝ හෝම් කියන්න කාටවත් යුතු කමක් නැතැයි ද ගෝඨා ගෝ හෝම් කියද්දි ජනාධිපතිවරයා ගිය බව ද ප්‍රකාශ කළ විමල් වීරවංශ මේ රටට ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට දැන්වත් ඉඩ දෙන්නේ නැද්දැයි ප්‍රශ්න කළේය.

රාජ්‍ය දේපළ අත්පත් කර ගැනීම සාමකාමී දැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා ලංකා හමුදාවේ සාමකාමීකම නිවටකම කියා හිතන්න එපා යැයි පැවසීය.

පාර්ලිමේන්තුවේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් විමල් වීරවංශ අද (27) මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස