ද්විත්ව පුරවැසියෝ ගැන හොයන්න රජයට ක්‍රමයක් නෑ…! – බන්දුල…

October 26, 2022 at 5:33 pm | by emanisa.lk

ද්විත්ව පුරවැසිභාවය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව සොයා බැලීමය ක්‍රමයක් රජයට නොමැති බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් ඇති බව ත් එය අධිකරණය විසඳිය යුතු ගැටලුවක් බවත් හිටපු මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළ බව ද ඇමැති ගුණවර්ධන පැවසීය.

“අපිට එහෙම ක්‍රමයක් නැහැ. කවුරු හරි ද්විත්ව පුරවැසිභාවය තියෙනවා නම්, අපිට ද්විත්ව පුරවැසිභාවය නැහැ, තියෙන කෙනෙක් ඒ පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරන්නට බැහැ. එය රජයට හොයන්න ක්‍රමයක් නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *