ද්විත්ව පුරවැසියනගේ දේශපාලන අයිතිය අහිමි කරනවා…! – ගම්මන්පිල…..

February 16, 2021 at 1:58 pm | by emanisa.lk

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය අහිමිකරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පක්ෂ 10කට ප්‍රතිඥාවක් ලබා දී ඇති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

අද (16) අමාත්‍ය මණ්ඩල මාධ්‍ය හමුවට එක්වෙමින් උදය ගම්මන්පිල සඳහන් කළේ පසුගිය සැප්තැම්බර් මාසයේ දී ජනාධිපතිවරයා එම ප්‍රතිඥාව ලබාදුන් බවය.

“ජනාධිපතිතුමා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය අහිමිකරන බවට පක්ෂ 10කට පසුගිය සැප්තැම්බර් මාසයේ දී ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.

නව ව්‍යවස්ථාවේ කටයුතු ඉතාමත් වේගයෙන් සිදුවෙමින් පවතිනවා. වසරක් ඇතුළත නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අපිට පුළුවන් වේවි.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *