ද්විත්ව පුරවැසිභාවය තීන්දු කළ හැක්කේ අධිකරණයට පමණයි…! – මැතිවරණ කොමිසම…

October 24, 2022 at 8:31 am | by emanisa.lk

අධිකරණ තීන්දුවකින් හැර වෙනත් ක්‍රමවේදයකින් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළ නො හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමේ හැකියාව අහිමි වෙයි.

ඒ, අනුව මෙම නව නීතියත් සමඟ වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දස දෙනකුගේ පමණ මන්ත්‍රී ධුරයන් අහෝසි වීම අවස්ථාව පවතින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් කිසියම් පුද්ගලයෙකු ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරයෙකු ද යන්න සම්බන්ධයෙන් එකවරම ප්‍රකාශයට පත්කිරීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියි.

එමෙන්ම මැතිවරණ නාම යෝජනා භාර ගැනීමේ දී ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරන අතර, යම් පාර්ශ්වයක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළහොත් පමණක් අවශ්‍ය ක්‍රියමාර්ග ගන්නා බව ද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

තමන් ද්විත්ව පුරවැසියෙකු නම් වහාම මන්ත්‍රීධුරයෙන් ඉවත් වීම බව එම අවස්ථාවේ දී සිදුකළ යුතු බවයි, වැඩි දුරටත් මැතිවරණ කොමිසම සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *