දළදා හාමුදුරුවෝ රකින්නා වගේ නැඟෙනහිර ජැටිය රකින්න අපි සූදානම්….! – මහ සඟරුවන…

January 21, 2021 at 11:00 pm | by emanisa.lk

දළදා මැදුර සහ දළදා හිමි රකින්නා සේ නැඟෙනහිර පර්යන්තය රකින්නට තමන් වහන්සේලා සූදානම් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

මේ රටේ බලයට පත් වන ආණ්ඩුව ඇමරිකන්කාරයා, ඉන්දියන්කාරයා සහ චීන්නු සතුටු කිරීමට උත්සාහ කරන බව සඳහන් කළ එහිමියන් ශ්‍රී ලාංකික ජනතාව සතුටු කිරීමට පාලකයන් උත්සාහ කරන්නේ කවදා දැයි ප්‍රශ්න කළහ.

මෙම කාලය තමන් වහන්සේලා ඉතා ම සංවේගයෙන් සිටින කාල පරිච්ඡේදයක් බව ද ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *