දඹුල්ල වැසූ පසු අතරමැදියන් මහ කොල්ලයක…! එළවළු කුණු කොල්ලයට මිල දී ගනිති….!

May 2, 2021 at 7:29 pm | by emanisa.lk

කොරෝනා වසංගතයේ තුන්වැනි රැල්ල හේතුවෙන් හදිසියේ වසා දැමුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එනු ලබන එළවළු හා පලතුරු අතරමැදියන් ඉතා අඩු මුදලට මිල දී ගැනීම නිසා ගොවීන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසයි.

නිසි වැඩපිළිවෙළක් නොමැතිව හදිසියේ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම නිසා කුණුකොල්ලයට සිය එළවළු විකිණීමට ගොවීන්ට සිදුව තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

සාමාන්‍ය දිනකට එළවළු කිලෝ ලක්‍ෂ දහයක් පහළොවක් අතර ප‍්‍රමාණයක් ගොවීන් ගෙන එනු ලබන බවත් ගොවීන් අතරමැදියන්ට එළවළු විකිණුවද කිළෝ දහස් ගණනක් විකුණා ගැනීමට නොහැකිව අපතේ ගොස් තිබෙන බව නාමල් කරුණාරත්න සඳහන් කළේය.

එම නිසා ගොවීන්ගේ ඉදිරි අස්වැන්න විකුණා ගැනීමට රජය විසින් නිසි වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින් සකසා දෙන ලෙස ගොවීන් රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *