දමිතා කියන්නේ බොරු…! මට කිසිම බලපෑමක් වුණේ නෑ..! – වැලිකඩ ප්‍රධාන ජේලර්වරිය…

September 30, 2022 at 8:27 pm | by emanisa.lk

රංගන ශිල්පිනී දමිතා අබේරත්න විසින් “තමාව ජරා ගෑනු ඉන්න වාට්ටුවක රඳවන ලෙසට” ඉහළින් බලපෑම් කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රඳවා සිටි දමිතා අබේරත්න ඇප මත මුදාහැරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ එම ප්‍රකාශය කරතිබූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ ප්‍රධාන ජේලර්වරියගෙන් වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා විසින් ප්‍රශ්න කිරීමේදී ඇය සඳහන් කර ඇත්තේ තමා හට එවැනි කිසිදු බලපෑමක් සිදුනොවූ බවය.

දමිතා අබේරත්නගේ ආරක්ෂාව වෙනුවෙන් ඇයව සුදුසු ස්ථානයක රැඳවීමට කටයුතු කර ඇති බව ද එහි දී අනාවරණය වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *