දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන් වෙත ජනාධිපතිවරයා විසින් විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබා දීමට තීරණය කර තිබේ.
කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය සැකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසයි.
අද (09) දිනයේ සිට ම එම සිරකරුවන් මුදාහැරීමේ කටයුතු සිදුකෙරෙන අතර ඔවුන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව බන්ධනාගාරවලින් හරින බව හෙතෙම පෙන්වා දෙයි.
සිරකරුවන් ආසාදිතයින් නොවන බව තහවුරු වීමෙන් පසු ඔවුන් නිදහස් කෙරෙන අතර ඒ පිළිබඳව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් සහ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.