පියා⁣ගේ අවමගුලට පැමිණි තොන්ඩමන්ගේ දියණිය නිරෝධායනයට! අවමංගල්‍ය කටයුතු ඔන්ලයින් නැරඹීමට ඉඩ!

May 30, 2020 at 5:25 pm | by emanisa.lk

අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ දියණියට අවස්ථාව අහිමි වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ විදේශයක ජීවත් වූ ඇය මෙරටට පැමිණි වහාම නිරෝධායන කටයුතු සඳහා මීගමුව ප්‍රදේශයේ නිරෝධායන හෝටලයකට යොමු කිරීමය.

ඔහුගේ දියණිය වෛද්‍යවරියක් ලෙස ඕමානයේ සේවය කරන අතර පියා අභාවප‍්‍රාප්ත වන විටද ඇය එහි රැඳී සිටියාය.

පියාගේ අවමංගල්‍ය සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකාවට කුලියට ගත් ගුවන් යානයකින් පැමිණිය ද කටුනායක ගුවන් තොටුපලේ දී ඇය නිරෝධායනය සඳහා දින 14ක කාලයක් මීගමුව ප්‍රදේශයේ හෝටලයක ට යොමු කර ඇත.

තම පියාගේ අවමංගල්‍යයට සහභාගී වීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලා සිටියද මේ වනවිටත් ඇයට එම අවසරය ලැබී නැත.

අවමංගල්‍ය අවස්ථාව අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට අවස්ථාවක් පමණක් ලබා දිය හැකි බව බලධාරීන් විසින් යෝජනා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *