විපක්ෂයේ තවත් මඩක් හෙළිවෙයි! තොන්ඩගේ මළ ගෙදර ඉන්නේ රට ඉඳලා ආ දුව නෙමෙයි!

May 31, 2020 at 4:59 pm | by emanisa.lk

අභාවප්‍රාප්ත ඇමති තොන්ඩමන්ගේ නිරෝධානයට ලක් කළ දියණිය මළ ගෙදරට පැමිණ ඇතැයි සමාජ මාධ්‍යවල අසත්‍ය පුවතක් ප්‍රචාරය වෙයි.

ඇමති තොන්ඩමන්ට නාච්චියාර්, විජි සහ ජීවන් යනුවෙන් දරුවන් තිදෙනෙකි.

ඒ අතරින් වැඩිමල් දියණිය නාච්චියාර් වෛද්‍යවරියක ලෙස ඕමානයේ සේවය කරන අතර පියාගේ අවමගුලට සහභාගී වන්නට ගුවන් යානයක් කුළියට ගෙන පැමිණි වෛද්‍ය නාච්චියාර් ගුවන්තොටුපළේ දීම දින 14ක නිරෝධායනයට යොමු කර තිබේ.

ඇය මේ වන විට මීගමුවේ හොටලයක නිරෝධායනයට ලක්වෙමින් සිටින අතර අවමගුල් කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ නැරඹීමට ඉඩ සලසා තිබිණි.

ඇමතිවරයාගේ අවමගුල් අවස්ථාවට සම්බන්ධ වී සිටින්නේ ලංකාවේ සිටි ඔහුගේ අනෙක් දියණිය වන විජීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *