තෙල් මිල වැඩි කර ආර්ථිකය නංවන කතා විහිළු….! වහා ම තෙල් මිල පහත දමනු…! – සජිත්….

June 14, 2021 at 3:30 pm | by emanisa.lk

විහිළු සැපයීම නවත්වා තෙල් මිල වහා පහත දමන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

දේශීය නිෂ්පාදන දිරිගැන්වීමට තෙල් මිල ඉහළ නැංවූ බවට ආණ්ඩුව ඉදිරිපත්කරන අවිචාරවත් තර්කය පිළිගත නොහැකි බව ද විපක්ෂනායකවරයා අවධාරණය කරයි.

දේශීය ආර්ථිකය නැංවීමට නම් ඛනිජ තෙල් සඳහා විකල්පයක් තිබිය යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

එසේ නැත්නම් මිල ඉහළ ගොස් දේශීය නිෂ්පාදන තවදුරටත් අඩාල වන බවත් පොහොර තහනම් කොට ආණ්ඩුව ගොවි ජනතාව කබලෙන් ළිපට දැමූ ආකාරයට රට ම වළ පල්ලට නොයවන ලෙසටත් විපක්ෂ නායකවරයා ඉල්ලීමක් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *